ඉතින් ප්රිය ය,
ඔහේටත් වහිනව ද?
පහත් බිම් යට වෙනව ද?නාය යාමේ අවදානමක් තියෙනව ද?
තවම ඔබ නිතර සිනහ වෙනවා ද?
ඔට්ටු අල්ලා තරඟයට දුවනව ද?
විටින් විට හැඩ බලනව ද?
කැරළි කොණ්ඩය තවමත් එහෙමම ද?
චීස් බර්ගර් කනව ද?
සිහින තවමත් තියෙනව ද?
නිකමටවත් ලියනව ද?
පහත් බිම් යට වෙනව ද?
අවුවටත් වැස්සටත් අතර
දේදුන්න පායනව ද?
හුස්මක් නෑර කියවනව ද?
නොකියන කොටස් තියෙනව ද?
ඇයගෙනුත් ආදරය ලැබෙනව ද?
පෙන්වන තරමටම
ඇත්තටම ඔබ සුවෙන් ද?
නිකමටවත් ලියා එවනව ද !
ඔබ ඉන්නේ උස් බිමක ද?
පහත් බිමක ද?
දේදුන්න පායන තැනක ද?
(ඡායා රූ -අන්තර්ජාලය ඇසුරිනි)

නිකමටවත් නොලිව්වට සිහින තවම තියෙනවා.
ReplyDeleteදිග නිහඬතාවකට පස්සේ දිගට ම ලියාවි කියලා හිතනවා. සුබ පැතුම්!